විදේශ රැකියා ගෘහස්ථ පුහුණුව 2013 වර්ෂයට සාපේක්‍ෂව 2014 වර්ෂයේදී සියයට 34කින් අඩුවී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
2013 වර්ෂයේදී ගෘහස්ථ පුහුණුව සඳහා 25,825 සහභාගි වී ඇති අතර 2014 වර්ෂයේදී එය 17,026 දක්වා 8,799 කින් අඩුවී ඇත. මෙය සාධනීය ලක්‍ෂණයක් බවත්, ගෘහස්ථ නොවන වෙනත් රැකියා සඳහා ප‍්‍රවේශවීමේ ප‍්‍රවණතාවයක් බව එම අමාත්‍යංශය සදහන් කරයි.
නව රජයේ දින 100 වැඩපිළිවෙළට සමගාමීව විදේශ රැකියා සඳහා පුහුණු ශ‍්‍රමිකයින් යොමුකිරීම කඩිනම් කර තිබෙන අතර, එම වැඩපිළිවෙලට අනුව මැදපෙරදිග කලාපයේ රටවලට අමතරව වෙනත් ධනවත් රටවල රැකියා ලබාගැනීමේ වැඩපිළිවෙලක් කෙරෙහිද අවධානය යොමුවී තිබේ.
එවැනි රටවල රැකියා සොයාගැනීම පිළිබඳව ද්වීපාර්ශවික සාකච්ඡා මේවනවිට පවත්වා ඇති අතර, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි මෙය කි‍්‍රයාවට නංවා ඇත.
අමාත්‍යවරිය, සයිප‍්‍රස් කොන්සල් ජනරාල් ෆෙරින් පෙයිරිස් හා ශ‍්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස්වෝර්කර් නෙදර්කෝන් යන මහත්වරුන් පසුගියදා හමුවී මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළහ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරනේ දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා වැඩියෙන් ලබාගැනීම සම්බන්ධවද මේවන විට ඉහළ ප‍්‍රතිචාරයක් ලැබී තිබේන බව සහ ඒ අනුව මේ වසරේදීද කොරියාවේ රැකියා සඳහා ශ‍්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිවන බවය.