විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමයක්

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමයක්

දින 03ක් ඇතුළත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමයක් ලබන මාසයේ ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඡායාරූප සහ ඇඟිලි සලකුණු ලබා ගැනීම සඳහා තවත් ස්ථාන 50ක් එක් කර මෙය හඳුන්වා දෙන බවයි.

මේ අතර විදේශ ගමන් බලපත්‍ර දෙකකින් මෙරටට පැමිණි බව කියන චීන ජාතිකයා කැඳවන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය අලස් මහතා ප්‍රකාශ කළේය.

Share this: