විදේශගත ශ්‍රමිකයන් සඳහා ගුවන් තොටුපළේ දී ලබා දෙන තීරුබදු රහිත දීමනාව මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
විදේශගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපළේදී ලබාදෙන තීරුබදු රහිත දීමනාව ඉහළ නැංවීමට අනුමැතිය ඉල්ලා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයට මීට පෙර කොළ එළියක් දක්වලා තිබුණා. ඒ අනුව අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කළේය.
මෙම චක්‍රලේඛයට අනුව බැංකු පද්ධතිය හරහා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවට මුදල් එවන විදේශගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වැඩි දීමනාවක් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
Share this: