හබරණ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී ඊයේ (22) උදෑසන විදේශීය සංචාරකයින් රැගත් ත්‍රිරෝද රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුවී ඇතත් එහි සිටි ජර්මන් සංචාරක යුවළට තුවාල සිදුවී නොමැත.
අනතුරට පත් ත්‍රිරෝද රථය හබරණ සිට මඩකලපුව දෙසට ධාවනය වෙමින් තිබූ අතර, ඔවුන් හදිසි අවශ්‍යතා සඳහා ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය අසල නවතා ඇත.
එහිදී ඒ සමගම විරුද්ධ පැත්තේ වල් අලියෙක් පැමිණ විදේශීය සංචාරකයින් ගමන් ගත් ත්‍රිරෝද රථයට පහර දී පෙරලා ඇත.
අනතුරුව ත්‍රිරෝද රථයේ ගමන් ගත් සංචාරකයින්ගේ ගමන් මලුවලටද හානි සිදුව තිබෙනවා.
Share this: