විදෙස් ණය මර උගුලෙන් රට බේරා ගන්නවා – සජිත් පේ‍්‍රමදාස

විදෙස් ණය මර උගුලෙන් රට බේරා ගන්නවා – සජිත් පේ‍්‍රමදාස

විදේශ ණය නමැති මර උගුලින් රට බේරා ගැනීමට කටයුතු කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

අනාගත පරම්පරාවට ණය බරක් නැති රටක් භාරදෙන බවත් හෙතෙම උඩුදුම්බර දී ඊයේ (06) පැවැති ජන රැුලියේදී කියා සිටියේය.

ඊට අමතරව විදේශයන්ගෙන් ගෙන්වනු ලබන ආහාර ද්‍රව්‍ය මෙරටේ වගා කරමින් ගොවීන්ගේ පසුම්බිය වෙත මුදල් ගලා එන ක‍්‍රම සකසන බව ද ඒ මහතා සඳහන් කළේය.

ඒ සඳහා රජයෙන් ලබාදිය යුතු සියලූ සහන ලබා දෙන බවත්, මෙරට අවශ්‍යතා රට තුළින්ම සපුරා ගැනීමට ක‍්‍රියා කරන බවත් හෙතෙම කීය.

මෙරට නිෂ්පාදන පිටරටට යවමින් අපනයන ක්‍ෂේත‍්‍රයද වර්ධනය කොට රට ගොඩනැඟීමට කටයුතු කරන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Share this: