“විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ ගැටලූ නිරාකරණය කිරීමට පියවර ගන්නවා ” ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

“විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ ගැටලූ නිරාකරණය කිරීමට පියවර ගන්නවා ” ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

නිසි ජාතික ප‍්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් විදෙස්ගත ශ‍්‍රමිකයන් ගැටලූ රැසකට මුහුණ දී සිටින බවත්, ඉදිරි රජයක් යටතේ විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ ගැටලූ නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ ඊයේ (25) සංවිධානය කර තිබූ විදේශගත සේවක පවුල් සාමාජිකයන්ගේ ජාතික සම්මේලනය අමතමින් එසේ පැවසූ ඒ මහතා මෙසේ ද කීය.

මේ අවස්ථාවට විදෙස් රටවල සේවය කර දැනට ලංකාවේ සිටින ශ‍්‍රමිකයන් මෙන්ම දැනටත් විදෙස්ගතව සිටින ශ‍්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි වී සිටිනවා. විදෙස්ගත ශ‍්‍රමිකයන් අපේ රටේ ආර්ථිකයට ඉතාමත්ම වැදගත් සේවාවක් කරන පිරිසක්. මේ වනවිට ලංකාවට විශාලතම විදේශ විනිමයක් ගෙන එන්නේ අපේ විදෙස්ගත ශ‍්‍රමිකයන්. ලක්ෂ 15 කට වැඩි ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රටවල සේවය කරනවා. අපේ ආර්ථිකය රඳා පැවැතුනේ මොවුන් විදේශ විනිමය ඉපැයීම මතයි. 2018 දී අපේ විදේශ ශ‍්‍රමිකයන්ගෙන් රටට ලැබුණ ආදායම ඩොලර් බිලියන 7 ක්. මෙය රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 8% ක් පමණ වෙනවා. මේ වනවිට ලෝකයේ රටවල් 108 ක පමණ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් සේවය කරනවා. මින් වැඩි කොටසක් යන්නේ මැද පෙරදිග රටවලටයි. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ පවුල්වලට විවිධ ප‍්‍රශ්න තිබෙනවා. සේවය නිමවා පැමිණ සිටින අයගේ අවශ්‍යතාවක් වෙලා තියෙන්නේ විශ‍්‍රාමික වැටුපක් හෝ ජීවත් වීමට දීමනාවක් ලබා ගැනීමයි.

මහින්ද රාජපක්ෂ මහතා කිසියම් ක‍්‍රමවේදයක් සකසන්න සූදානම් වුණත් එ් අවස්ථාවේ එය කර ගැනීමට නොහැකි වුණා. වැඩිහිටි වියට පත්වීමෙන් පසුව ජීවත් විය හැකි දීමනාවක් අවශ්‍යයි. ජීවිතය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සෞඛ්‍ය නිවාස පහසුකම් වැදගත්. මේවා රජයක් විසින් අනිවාර්යයෙන් ලබාදිය යුතු දේවල්. රටට විදේශ විනිමය උපයන මොවුන් සේවය නිමවා පැමිණීමෙන් පසුව මේ පහසුකම් ලබාදීම හෝ සේවයේ යෙදී සිටින අයට කිසියම් කි‍්‍රයාමාර්ගයක් මගින් මේ පහසුකම් සැපයීම අපේ ඉදිරි රජයක අරමුණයි. විදේශගතව සේවය කරන අයගේ පවුල් සම්බන්ධයෙන් ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම අද ඔබ මුහුණපා තිබෙන ගැටලූවලට රටේ ආර්ථීකයේ කඩාවැටීම හේතුවක්. නිවසක් හදා ගැනීමට හෝ ලබා ගන්නට ගියොත් සෑහෙන අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. අඩු ආදායම් ලබන හෝ මධ්‍යම පාන්තික හෝ සෑම දෙනෙක්ගේම අවශ්‍යතාවක් වන්නේ නිවසක් පහසු ක‍්‍රමයකට ලබා ගැනීමයි. රජයක් විදියට එ් පහසුකම් සැලසිය යුතුයි. අද නිවාස ණයක් ලබා ගැනීම ඉතා අපහසුයි. අධික පොලිය නිසා වාරික ගෙවීම අපහසුයි වගේම සෑහෙන කාලයක් වාරික ගෙවන්න සිදුවෙලා.

විදේශ සේවය සපයන අයට මෙන්ම අලූතින් ජීවිතය ආරම්භ කරන අයටත් පහසුවෙන් අඩු පොලියකට ණය ලබා ගැනීමේ හැකියාව තිබීම වැදගත්. අද රට පුරාම තට්ටු නිවාස ඉදිවෙමින් තිබෙනවා. මේ නිවාස යෝජනා කි‍්‍රයාත්මක කරන අයට පහසුකම් ලබාදීම මගින් අඩු මුදලකට නිවසක් ලබා ගැනීමේ හැකියාව රට තුළ ඇති කළ හැකියි. අපි මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳවත් අපි වැඩිදුරටත් සිතා තිබෙනවා. දරුවෝ අතරමං නොවන ලෙස හොඳ වේතනයක් ලැබෙන රැුකියාවකට පුහුණු කිරීම අවශ්‍යයි. විදෙස් රටවල අවස්ථාවන් අධ්‍යයනය කර එ් රැුකියා සඳහා නිපුණත්වයක් ලබාදීම වඩා වැදගත්. විදේශ රටවල සේවය කළ ඔබ දන්නවා නිපුණත්වයක් තිබෙනවා නම් වැඩි වැටුපක් ලබා ගැනීමේ හැකියාව තිබෙන බව. නුපුහුණු රැුකියා සඳහා යන අය කොපමණ දුක්විඳිනවාද? ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. වැටුප් අහිමි වෙනවා. නැවත ලංකාවට පැමිණෙන විට විවිධ හිරිහැරවලට මුහුණ දෙන්න වෙනවා. මේ අය වෙනුවෙන් විශේෂ ක‍්‍රමවේදයක් තානාපති කාර්යාල මගින් යෙදීම අවශ්‍යයි. එ් වගේම පුහුණු කළ අය පමණක් විදෙස්් රටවල යැවීමට අප අවධානය යොමු කළ යුතුයි.

අපේ රටේ බොහෝ අයට පුහුණව ලබා දීමට තරම් දැනුම ඔවුන්ට තිබුණත් පුහුණුව සඳහා අවස්ථා අඩුයි. පුහුණු කිරීම් සඳහා වැඩි මුදලක් වෙන් කර නිසි පුහුණුවක් ලැබූවන් විදියට තරුණයන් විදේශ රැුකියාවලට යොමු කිරීම මගින් වැඩි වේතනයක් සහිත රැුකියාවක් ලබා ගැනීමේ හැකියාව තිබෙන බව අවබෝධ කළ යුතුයි.

එ් වගේම පුහුණු විදේශ ශ‍්‍රමිකයන්ට බදු සහන සහිත වාහනයක් ලබා ගැනීමේ හැකියාවක් ඇති කළ යුතුයි. එ් වගේම දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ඇති කළ යුතුයි. සේවය නිමවා පැමිණ සිටින අයට කිසියම් දීමනාවක් ලබා දීමත් සිදුවිය යුතුයි. මේවා රජයක යුතුකම්. වැඩ කළ හැකි කාලයේ වැඩ කර, වැඩිහිටියන් වූ පසුව ඔවුන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යන්න සහාය ලබාදීම රජයක වගකීමක්. අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන එ්මට හැකි වුණොත් මෙවැනි සුබසාධන කටයුතු වැඩි කළ හැකියි. අපේ ඉදිරි රජයක් තුළ මූලික කර්තව්‍ය වෙන්නේ කඩාවැටී තිබෙන ආර්ථිකය ඉදිරියට ගෙන එ්මයි. ආර්ථිකය වෙනස් කිරීමේ සැලසුම් අපට තිබෙනවා. අපි මූලිකත්වය දෙන්නේ මිනිසුන් සවිමත් කිරීම හරහා ආර්ථිකය ඉහළට ගෙන එ්මටයි. ආසියානු රටවල් මේ වෙද්දි දියුණු වෙමින් තිබෙනවා. එ් හරහා අපේ රටටත් රැුකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා ඇති වෙමින් තිබෙනවා. එ් සඳහා අවශ්‍ය නිපුණතාවන් අපේ දරුවන්ට ලබා දිය යුතුයි. හෙදියන්ට වගේම රෝහල්වල සේවය කරන අයටත්, නිවෙස්වල සාත්තු සේවය සඳහාත් හොඳ ඉල්ලූමක් තිබෙනවා. නිසි පුහුණුවයි අවශ්‍ය වෙන්නේ.

අපේ රට තුළ පරිගණක ක්ෂේත‍්‍රයේ රැුකියා විශාල වශයෙන් උත්පාදනය කළ හැකියි. කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූවන්ට මේ අංශයෙන් රැුකියා අවස්ථා ලබාදිය හැකියි. ඔබේ ¥දරුවන් හොඳ වේතනයක් ලබන රැුකියාවක සිටිනවා දැකීම ඔබේ අභිලාෂයක්. තමන්ගේ ¥දරුවන්ගේ දියුණුව, අධ්‍යාපනය සඳහා ඔබ විදේශගතව රැුකියා කරනවා. නමුත් අවසානයේ දරුවෝ අතරමං වුණොත් මොකද වෙන්නේ. නිසි ජාතික ප‍්‍රතිපත්තියකින් තොරව කි‍්‍රයාත්මක වීම අද ගැටලූ ඇති කරලා. සැලසුම් ප‍්‍රතිපත්ති තිබුණට මදි. එ්වා නිසි අයුරින් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව ඇති නායකත්වයක් දැක්මක් සහිත නායකයෙක් හා කණ්ඩායමක් අපේ රටට අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ රට ශීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගෙන ගියා. ව්‍යාපාර වගේම යටිතල පහසුකම් සංවර්ධනය වුණා. එ් හරහා රැුකියා විශාල වශයෙන් උත්පාදනය වුණා. මේ සියල්ල කළේ සැලසුම් වගේම සැලසුම් කි‍්‍රයාත්මක කළ හැකි කණ්ඩායමක් අපි සමග සිටි නිසයි.

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා –

කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ඔබ සිටියේ මගේ අමාත්‍යාංශය යටතේ. එ් යුගයේදී ලියාපදිංචි කරන්නේ නැතිව විශාල පිරිසක් විදෙස්ගත වුණා. අපි එය නතර කර ක‍්‍රමානුකුලව ඔවුන් ලියාපදිංචි කර, පුහුණු කර විදේශ රටවලට යැවීමට අවශ්‍ය පියවර ගත්තා. ඒ කාලයේ ඔවුන්ගේ වැටුප්, වෙනත් පහසුකම්, ගුවන් ගමන් සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිවෙකුගේ වගකීමක් නොතිබුණා පමණක් නොව විදේශ රැුකියාවලට යන අය පිළිබඳව සංඛ්‍යා ලේඛන හෝ තොරතුරු පවත්වාගෙන ගියේ නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය කෙලින්ම අමාත්‍යවරයකු යටතට පත් වූයේ 1994 වසරේදී මා එම අමාත්‍යාංශය භාරව පත් වීමත් සමඟයි. එහෙත් එම අභියෝගය භාරගෙන මෙරට කම්කරු ජනතාවට විශාල සේවාවක් කරන්නට අපි අවස්ථාව උදා කර ගත්තා. විවිධ බාධක ජයගෙන කම්කරු ප‍්‍රඥප්තීන් නීතිගත කිරීමටත් අප ක‍්‍රියා කළා.

දිස්ත‍්‍රික් කාර්යාලවල පුහුණු අංශයක් මෙන්ම පුහුණු මධ්‍යස්ථාන ඇති කළා. එමෙන්ම ගෘහ සේවාවන් සඳහා යන කාන්තාවන්ට ජාතික වෘත්තීය මට්ටමේ පුහුණුවක් හා සහතිකයක් ලබා දීමටත් ක‍්‍රියා කළා. විදේශ රැුකියාවලට යෑමට පෙර වැටුප් හා රැුකියා කොන්දේසි සහිත ගිවිසුමක් අත්සන් කිරීම, ඒ සඳහා අදාළ රටේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කිරීම මගින් විගමණික ශ‍්‍රමිකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නටත් අපට හැකියාව ලැබුණා. අපි පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා ඔබට විශ‍්‍රාම වැටුපක් දෙන්න. එතැනින් එහාට ඉදිරි කටයුතු සිදු වුණේ නැහැ. අපි ධීවරයන්ට ගොවීන්ට මෙන්ම ඔබටත් විශ‍්‍රාම වැටුපක් දිය යුතු බව අපි විශ්වාස කරනවා. අද වෙද්දි තත්ත්වය වෙනස් වෙලා. ඔබ දහඩිය මහන්සියෙන් උපයලා ගෙවල්වලට එවන මුදල්වලින් බදු අය කරනවා. ඔබේ සේවය ආණ්ඩුවට අමතක වෙලා.

ගෙවුණු කාලයේ මේ ආණ්ඩුව කිසිවක් කළේ නැහැ. ඔවුන් දේශපාලන හතුරන්ගෙන් පළිගැනීමටයි කාලය යෙදවූයේ. මේ ආණ්ඩුවේ වංචාවන් නිසා රට කඩාවැටුණා. එ් වුණත් මේ අය සූදානම් වෙන්නේ අපේ අපේක්ෂකයන්ට කොහොම හරි නඩු දාන්නයි. මේ සියල්ල අවබෝධයෙන් ජයග‍්‍රහණය වෙනුවෙන් ඔබ පියවර ගනියි කියලා අපි හිතනවා.

මෙම සම්මේලනය සඳහා විදෙස්ගතවූවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share this: