ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පවතින සේවා ගැටලු සහ අඩුපාඩු විධිමත්ව සොයා බලා කඩිනම් විසඳුම් වාර්තා ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අධ්‍යාපන හා පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුව මේ වනවිට සිය කටයුතු ආරම්භ කර ඇති බවයි.
කමිටුව විසින් සියලුම විදුහල්පතිවරුන්ගේ සංගම්වලින් යෝජනා ලබාගෙන ඇති අතර වඩාත් වැදගත් කරුණු ඇත්නම් ඉදිරිපත් කිරීමට මැයි 09 වැනිදා දක්වා වැඩි කාලයක් ලබාදී ඇත.
Share this: