විදුහල්පති තරඟ විභාගයට මුහුණ දුන් අයට විශේෂ නිවේදනයක්

විදුහල්පති තරඟ විභාගයට මුහුණ දුන් අයට විශේෂ නිවේදනයක්

2019 පෙබරවාරි මස 10 වන දින පැවති ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයෙන් සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ මැයි 22 සිට ජූනි 01 දක්වා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ වැඩිදුර තොරතුරු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

Share this: