විදුලි මිල වැඩි කරන්න කිසිම අදහසක් නෑ!

විදුලි මිල වැඩි කරන්න කිසිම අදහසක් නෑ!

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසන්නේ, කිසිදු ආකාරයකින් විදුලිමිල නැංවීමක් සිදුනොවන බවයි.

අමාත්‍යවරයා පැවසුවේ ජනතාව බියවැද්දීම සඳහා නොයෙකුත් පාර්ශවයන් විසින් විවිධ අසත්‍යය ප්‍රචාර සිදුකරන බවයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ, මහජන උපයෝගීතා කොමිසම විසින් රාජගිරිය ජනාධිපති විද්‍යාලය සංවිධානය කර තිබු විදුලි ආරක්ෂක දැනුවත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.

ලංකා විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය මෙම වසරේ ඉතාම ශක්තිමත් මූල්‍ය ස්ථාවරයක සිටින බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Share this: