ධාවනය වෙමින් තිබුණු යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙම අනතුර ඊයේ (08) අලුයම හලාවත – කොළඹ මාර්ගයේ වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේදී සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ දංකොටුව -වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අංගම්පොඩි මංජුල නිශාන් ප්‍රියදර්ශන නම් වූ අයෙකු බව අප වාර්තාකරු සඳහන් කළේය.
මෙම අනතුර සිදුවී ඇතේ වෙන්නප්පුවේ කම්මල සිට බෝලවත්ත දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේ බව පොලීසිය පැවසුවේය.
Share this: