විදුලි ඉල්ලුම පහත වැටීම ගැන විදුලිබල ඇමති පිළිතුරු දෙයි

විදුලි ඉල්ලුම පහත වැටීම ගැන විදුලිබල ඇමති පිළිතුරු දෙයි

විදුලි බිල සංශෝධනය කිරීම හේතුවෙන් විදුලි ඉල්ලුම පහත වැටී ඇති බවට පසුගිය කාලයේ පළ වූ මාධ්‍ය වාර්තා දැඩි ලෙස හෙළා දකින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලැබුණු දත්තවලට අනුව ඇතැම් මාධ්‍ය වාර්තා මගින් අනුමාන කරන පරිදි නව ගාස්තු අනුපාත හඳුන්වාදීමෙන් පසු බලශක්ති ඉල්ලුම අඩුවී නොමැති බවයි.

Share this: