විදුලි ඉංජිනේරුවන්ගෙන් රතු එළියක්!

විදුලි ඉංජිනේරුවන්ගෙන් රතු එළියක්!

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඊයේ (14) සිට දින 7ක කාලයක් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත.

තම ගැටළු නියමිත කාලය තුළ විසදීමට රජය අපොහොසත් වුවහොත් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තවත් සාකච්ඡාවක් පවත්වන බවයි ලංවිම ඉංජිනේරු සංගමයේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත කියා සිටියේ.

අත්‍යාවශ්‍ය සේවා අංශ කිහිපයක වෘත්තීය සමිති විසින් සැලසුම් කර ඇති මහා පරිමාණ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සහය පළ කිරීම සඳහා අසනීප නිවාඩු සඳහා ඉල්ලුම් කර අද සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට සංගමය තීරණය කර ඇති බව එම නියෝජිතයා වැඩිදුරටත් පැවසීය.

Share this: