විදුලිය වංචා කල 3199ට දඩ – දඩ ආදායම මිලියන 212යි

විදුලිය වංචා කල 3199ට දඩ – දඩ ආදායම මිලියන 212යි

විදුලිය වංචනික ලෙස ලබාගත් 3199 දෙනෙකු පසුගිය වසරේදී නීතියේ රැහැනට හසුකරගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පවසන්නේ ඉන් රුපියල් මිලියන 212 ක මුදලක් දඩ වශයෙන් අය කර ගැනිමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වී ඇති බවයි.

එම මුදලෙන් රුපියල් මිලියන 191 ක් විදුලිබල මණ්ඩලයට අයවිය යුතු අලාභය වශයෙනුත් රුපියල් මිලියන 21 ක් උසාවි ගාස්තු වශයෙනුත් අයකර ගෙන ඇති බව සඳහන්ය.

නීති විරෝධි විදුලිය ලබාගැනීමේ සිදුවීම් අතුරින් 2077ක් විදුලි මනු වෙනස් කිරිම් වන අතර 1122ක් විදුලි රැහැන් මඟින් නීති විරෝධි ලෙස විදුලිය ලබා ගැනීම් වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Share this: