කොවිඩ් 19 ඇඳිරිනීතිය පැවති අප්‍රියේල් සහ මැයි මාසවල විදුලිබිල වැඩිවී ඇතැයි මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර විසින් පසුගිය සතියේ පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා.
එම කමිටු වාර්තාව අද (07) දින පෙරවරුවේ කමිටු සභාපති අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් විසින් අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබීය.
විදුලි බිලට සහන ලබාදීම සම්බන්ධව කරුණු ගණනාවක් මෙම කමිටු වාර්තාවට ඇතුළත් කර ඇති අතර හෙට(08) දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත එම කමිටු වාර්තාව ඉදිරිපත් කරනු ලබන බවත්, ඉන් අනතුරුව එහි නිර්දේශ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිරි කටයුතු කරනු ලබන බවත් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.
Share this: