විජයබා කොල්ලය තිරගත වීම ඇරඹේ

විජයබා කොල්ලය තිරගත වීම ඇරඹේ

සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘‘විජයබා කොල්ලය’’ නවකතාව ඇසුරින් සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කළ විජයබා කොල්ලය චිත‍්‍රපටය ඊයේ සිට (අගෝස්තු 01) තිරගත වීම ඇරඹිණ.

ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිනමාහල්වල ප‍්‍රදර්ශනය වීම ඇරඹුණු විජයබා කොල්ලය සිනමාපටය ති‍්‍රමාණ (3D) තාක්‍ෂණය උපයෝගී කොට ගෙන නිර්මාණය කළ පළමු සිංහල සිනමා පටය වන්නේය.

‘360 ප‍්‍රඩක්ෂන්ස්’ වෙනුවෙන් බුද්ධික විජයරත්න සහ සමින්ද විතානගේ ප‍්‍රමුඛ කාර්මික ශිල්පීන් පිරිසක් ති‍්‍රමාණ තාක්‍ෂණ උපදෙස් මත කාර්මික ශිල්පීන් 30 කට අධික පිිරිසක් ති‍්‍රමාණ තාක්‍ෂණ කටයුතු කළ මේ චිත‍්‍රපටය සරසවි සිනෙරු වෙනුවෙන් එච්. ඞී. පේ‍්‍රමසිරි විසින් නිෂ්පාදනය කර ඇත.

‘විජයබා කොල්ලය’ තිරනාටකය ආචාර්ය තිස්ස අබේසේකර ගෙනි. හේමාල් රණසිංහ, සෙනාලි ෆොන්සේකා, අෂාන් ඩයස්, චුලක්‍ෂි රණතුංග මෙහි ප‍්‍රධාන චරිත නිරූපණය කරති. විජයබා කොල්ලය කැමරා අධ්‍යක්‍ෂවරයා චන්න දේශපි‍්‍රයයි. කලා අධ්‍යක්‍ෂණය බිමල් දුෂ්මන්ත ගෙනි. හර්ෂ මංජුල වෙස් ගැන්වීමෙන්ද, වෙනුක වික‍්‍රමාරච්චි වස්ත‍්‍රාභරණ නිර්මාණයෙන් ද, හරූන් ෂයිදීන් කේශාලංකරණයෙන්ද, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද, උමාරියා සිංහවංශ හා සනුක වික‍්‍රමසිංහගේ ගායනයෙන් ද, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද, බූඩි කීර්තිසේන දෘශ්‍ය ප‍්‍රයෝග අධීක්‍ෂණයෙන් ද, විමල් දේශපි‍්‍රය සහාය අධ්‍යක්‍ෂණයෙන්ද , නිමල් විජයසිරි සේනාධීර නිෂ්පාදන කළමනාකරණයෙන්ද, ඒ. ඞී. රන්ජිත් කුමාර නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ද ‘විජයබා කොල්ලය’ ට දායක වී තිබේ.

Share this: