අද(12) පෙරවරු 11.00 සිට පෙරවරු 11.15 දක්වා කාලය තුළ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිසිය පවසයි.
මෙය පෙරහුරුවක් හේතුවෙන් සිදුවෙන බව පොලිසිය ජනතාවට දැනුම් දෙයි
ඒ අනුව ගාලු මුවදොර වටරවුම, ගාලු පාරේ N.S.A වටරවුම, සෙරමික් හංදිය, රීගල් වටරවුම දක්වා මාර්ගයේ රථ වාහන ගමනාගමනය යම් ආකාරයකට සීමා වනු ඇත.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
Share this: