සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 12දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදුව අතේ, පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව ප්‍රදේශයේ දීය.
වෑන් රථයේ රියදුරට නින්ද යාම හේතුවෙන් එම රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් 13 දෙනෙකු ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කාන්තාවක මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ 82 හැවිරිදි කහතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සදහන් වේ.
තවද මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය සඳහන් කළේය.
Share this: