වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යයී..

වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යයී..

ඒ අනුව ගංඟා දෙපස පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන්නැයි එම කළමනාකරණ මධ්‍යස්ථානය උපදෙස් ලබා දී ඇත.

පවතින ධාරාණිපාත වර්ෂාව හමුවේ කොළඹ / කලූතර / රත්නපුර / ගාල්ල / මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්වලට නාය යාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක / කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල – පාලින්දනුවර – අගලවත්ත – වලල්ලාවිට – ඉංගිරිය – මතුගම – හොරණ සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවධානම් ප්‍රදේශවලට එය බලාත්මක වනු ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර – නියාගම – ඇල්පිටිය – නාගොඩ – නෙලුව – බද්දේගම – තවලම සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහාද මෙම නායයාම් අනතුරු ඇඟවීම අදාළ වේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකපොළ සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ / මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත – අයගම – කළවාන – කුරුවිට – නිවිතිගල – රත්නපුර – කිරිඇල්ල සහ ඇහැළියගොඩ ප්‍රදේශ සඳහාද මෙම නායයාම් අනතුරු ඇගවීම බලාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇත්තේ (14) රාත්‍රී 07 දක්වා මෙම අනතුරු ඇගවීම බලාත්මක වන බවයි.

Share this: