රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වූ බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද අළුයම අනතුර සිදුව ඇත.
අනතුරෙ සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරෙන් මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් කාන්තාවක් මියගොස් ඇත.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ අනෙක් කාන්තාව සහ පිරිමි ළමුන් දෙදෙනා මාතර රෝහලට ඇතුළත් කර තිබන අතර, මියගොස් ඇත්තේ දෙවිනුවර, කපුගම බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවක් සහ 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
Share this: