වැලිකඩින් ඇප ලබා ගිය රැඳවියන් 100 දෙනෙකු ගැන තොරතුරු සොයයි

වැලිකඩින් ඇප ලබා ගිය රැඳවියන් 100 දෙනෙකු ගැන තොරතුරු සොයයි

කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ I වාට්ටුවේ රැඳවු දින සිට ඊයේ (07) දින දක්වා ඔහු සමග සිටි රැඳවියන් පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තොරතුරු රැස් කරමින් සිටිනවා.

එම දිනයේ සිට මේ දක්වා රැඳවූවන් 100 දෙනෙකුට පමණ නිදහස හිමි වී ඔවුන් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් රැඳවූවන් 8 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබෙනවා. ඉන් දෙදෙනෙක් කළුතර බන්ධනාගාරයට මාරු කර තිබෙනවා. මොණරාගල බන්ධනාගාරයට මාරු කළ පිරිස 03 දෙනෙකු වන අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔවුන් තිදෙනා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Share this: