වැදි නායකයා ගොනු කළ පෙත්සම

වැදි නායකයා ගොනු කළ පෙත්සම

වැදි ප්‍රජාවේ ප්‍රධානී ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් 2023 සැප්තැම්බර් 08 වැනි දින විභාගයට ගැනීමට දින නියම කර ඇත.

රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පාරම්පරික නිජබිම් වන විනාශ කර විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට මහවැලි අධිකාරිය ගත් තීරණයට එරෙහිවයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ 02 වැනිදා කැඳවනු ලැබුවා.

පෙත්සම්කාර වැදි ප්‍රධානියා චෝදනා කරන්නේ මහවැලි අධිකාරිය රඹකැන් ඔය ප්‍රදේශයේ පිහිටි තම පාරම්පරික නිජබිම වන විනාශයට යටත් කිරීමටත්, බඩඉරිඟු වගාව සඳහා අදාළ ඉඩම පෞද්ගලික සමාගම්වලට ලබාදීමටත් තීරණය කර ඇති බවයි.

මෙම ක්‍රියාවෙන් තම ප්‍රජාවට දැඩි අසාධාරණයක් සිදුවන බව පවසමින් මහවැලි අධිකාරියේ අදාළ තීරණය බල රහිත කරන ලෙසට නියෝග කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.

Share this: