වැදගත් ද්විපාර්ශවික ගිවිසුම් 4ට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අත්සන් තැබේ

වැදගත් ද්විපාර්ශවික ගිවිසුම් 4ට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අත්සන් තැබේ

ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීපතම ආර්ථික මිතුරෙකු බවට පත්කර ගැනීමට ඉන්දීය රජය ඉතා උනන්දුවෙන් පසුවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා පවසයි.

කලත් සිට දෙරට අතර පැවති වෙළෙඳ සබදතා තවදුරටත් තහවුරු කරගනිමින් ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවෙකු බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කිය සිට ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය ඒ සඳහා විශාල ශක්තියක් ඇතිිකළ බව මෝදී මහතා සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද පස්වරුවේ නවදිල්ලි නුවර දී පැවති අතර එහිදී මෝදී මහතා මේ බව සදහන්කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙහිදි දෙරට අතර ආර්ථික බලශක්තිල ධීවර හා සංස්කෘතික සබඳතා තර කෙරෙන ගිවිසුම් හතරකට අත්සන් තැබුණු බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳව ප්‍රසාදය පළ කෙළය.
එය දෙරට අතර සාමූහික හඬක් එක්වු අවස්ථාවක් ලෙසත් ඉන්දු ශ්‍රී ලංකා මිතුදමට එය මහත් ආශිර්වාදයක් බවත් ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණය පැවැත්වු ආකාරය පිළිබඳව ප්‍රසාදය පළ කළ නරේන්ද්‍ර මෝදී මහතා එය ප්‍රජාතන්ත්‍රවාදයට සේම ඉන්දීය රජයට ද සතුටක් බව ප්‍රකාශ කළේය.

කලාපයේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ දෙරටේ නායකයින් මෙහිදී අදහස් හුවමාරුකරගෙන ඇති අතර ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳව ද අවධානය යොමුකර තිබේ.

ධීවර කර්මාන්තයේ දී දෙපාර්ශවයටම පහසුවන ක්‍රමවේදයකට අනුව කටයුතු කළ යුතු බවට එහිදී රාජ්‍ය නායකයින් එකඟතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉන්දියාව සිය පළමු නිල සංචාරය සඳහා තෝරා ගැනීම අතීතයේ සිට දෙරට අතර වු මිත්‍රත්ත්වයේ ප්‍රතිඵලයක් බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය රජයේ උණුසුම් පිළිගැනීම දෙරටේ මිත්‍රත්ත්වය තව තවත් ශක්තිමත් කළ බව ප්‍රකාශ කර තිබේ.

ලබන මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව ද ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Share this: