වැඩි මිලට වාහන ගන්නේ නැහැ

වැඩි මිලට වාහන ගන්නේ නැහැ

වෙළෙඳ පොළේ ඇති වාහන සීඝ්‍රයෙන් අවසන් වන බවත් ඉහළ මිල ගණන්වලට ඒවා අලෙවි වන බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා.

රජයේ මුදල් සංචිත ප්‍රශ්නයක් නිසා මෙලෙස අත්‍යවශ්‍ය නොවන ආනයන සිමා කර ඇති බව සහ මෙය තාවකාලික තත්ත්වයක් බවද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් ඔහු අවධාරණය කළේ අනිසි මිල ගණන්වලට වාහන මිලට නොගන්නා ලෙසයි.

එහෙත් මෙම තත්වය මත වාහන වෙළෙන්දන්ගෙන් 40%ක් පමණ බංකොලොත් වී ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පැවසුවේ.

මේ අතර අලෙවි කිරීම උදෙසා වෙළෙඳපලේ තවත් ඉතිරිව ඇත්තේ ඉතා සුලු වාහන සංඛ්‍යාවක් බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

Share this: