වාද්දුව පොදු වෙළෙඳපොළ හෙට සිට ජනතා අයිතියට!

වාද්දුව පොදු වෙළෙඳපොළ හෙට සිට ජනතා අයිතියට!

පානදුර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතාගේ දැඩි කැපවීම මත පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන හා ප්‍රාදේශීය සභා අරමුදල භාවිතා කරමින් නිම කරන ලද වාද්දුව පොදු වෙළෙඳපොළ , බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ සහභාගීත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සුරතින් ඔක්තෝම්බර් මස 31 වෙනි දින උදේ 9.31ට යෙදෙන සුබ මොහොතින් ජනතා අයිතියට පත්කිරීමට පානදුර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා හා ප්‍රාදේශීය සභා නිලධාරීන් සියලු කටයුතු සම්පාදනය කොට ඇත.

රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මෙවැනි අවස්ථාවක වාද්දුව ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් මෙවැනි ආදායම් ලැබිය හැකි ව්‍යාපෘතියක් ඉදිකිරීම සම්බන්ධව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වන බව වාද්දුව ප්‍රදේශයේ ජීවත් වන එක් පුරවැසියෙක් අප හා පැවසුවේය.

තම නගරයට වටිනාකම්ක් එකතු වන මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ඔක්තෝම්බර් මස 31 වෙනි දින උදේ 9.00 පැමිණ සහභාගී වන ලෙස සංවිධායක කමිටුව ප්‍රදේශ්වාසීන්ට ආරාධනා කරයි.

Share this: