ව්‍යාජ ඩොලර් මිලියනයක් රාජගිරිය හමුවේ

ව්‍යාජ ඩොලර් මිලියනයක් රාජගිරිය හමුවේ

ව්‍යාජ අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

වැලිකඩ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

තවද, අදාළ මුදල් නෝට්ටුව වංචනික ලෙස සකස් කර අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු බව පොලීසිය පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

Share this: