ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයේ මහනුවර ශාඛාවේ වංචනික වෙබ් අඩවියක් නිර්මාණය කර ජනතාවගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ව්‍යාජ වෙබ් අඩවිය හරහා පුද්ගලයන් රවටා වංචනික ලෙස වීසා ලබාදී ඇති බවයි පොලිසිය පවසන්නේ.
කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අඟහරුවාදා (මාර්තු 28) වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතුව තිබී ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
29 හැවිරිදි ඔහු පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
පරිගණක අපරාධ පනත සහ බුද්ධිමය දේපළ පනත යටතේ වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් රැවටීම සහ වංචා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 04 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
Share this: