ඉන්දීය විද්‍යුත් වීසා ලබා දෙන බව පවසමින් වංචනික වෙබ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනුවත් කරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විශේෂ උපදේශනයක් නිකුත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඇතැම් ව්‍යාජ/වංචනික වෙබ් URL මගින් ඉන්දීය විද්‍යුත් වීසා ලබා දෙන බවට අවධානය යොමු වී ඇති බවයි.
එබැවින්, ඉන්දියානු ඊ-වීසා ලබා ගැනීම සඳහා මෙම ව්‍යාජ URL භාවිතා නොකරන ලෙස අයදුම්කරුවන්ට උපදෙස් දෙන බව ඉන්දීයාව පවසයි.
Share this: