වසරේ අවසන් කාර්තුව තුළ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරාගතහොත් එහි ප්‍රතිලාභ මහජනතාවට ලැබෙන බවයි.
“අපි දැන් බංකොලොත් භාවයෙන් ගොඩ ඇවිත්. එමගින් ජනතාවට එහි ප්‍රතිලාභ ලැබී තිබෙනවා.”
රටේ ආර්ථිකය ගොඩනැගීමෙන් පසු වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයින්ට වැටුප් වර්ධකයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“ආණ්ඩුව මුදල් එකතු කිරීමටත්, ආදායම වැඩි කිරීමටත් උත්සාහ කරන්නේ එබැවිනි. රජය අපේක්‍ෂිත ඉලක්කයට ළඟා වුවහොත් රාජ්‍ය සේවකයන්ටද සෙත සැලසේ” යැයි ඔහු අවධාරණය කළේය.
Share this: