වව්නියාව පෞද්ගලික බස්රථ හිමියන් පවසන්නේ, මෙම බස් නැවතුම්පළෙන් ගමන් ආරම්භ කරන බස් රථ සදහා විධිමත් කාලසටහනක් නොමැතිවීම හේතුවෙන් තමන් දුෂ්කරතාවට මුහුණ දී සිටින බවයි.
තවද, ඒ පිළිබද වව්නියාව දිස්ත්‍රීක් ලෙක්ම්වරයා, ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු බළධාරින් දැනුම්වත් කළද ඊට නිසි විසඳුම් නොලැබුණු බව වව්නියාව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියා සිටියි.
ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වව්නියාව බස් නැවතුම්පළෙන් ගමන් ආරම්භ කිරිම හේතුවෙන් පෞද්ගලික බස් රථ වල මඟින් ගමන්ගැනිම දුස්කර බව වාර්තා වේ.
ඒ හේතුවෙන් කඩිනමින් ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දුර ගමන් සේවා බස් රථ වව්නියාව බස් නැවතුම්පළේ නතර කිරිම වළක්වන ලෙසත් එම සංගමය අදාළ බළධාරින්ගෙන් ඉල්ලා සිටියි.
එසේ නොවුනහොත් ඉදිරියේදී බස්රථ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට ඊයේ පැවති සාක්චඡාවකදී තීරණය වී තිබේ.