වල්ලපට්ටා සමග චීනා අත්අඩංගුවට

වල්ලපට්ටා සමග චීනා අත්අඩංගුවට

වල්ලපට්ටා ශාක කොටස් තොගයක් ප්‍රවාහන කරමින් සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිටිගල, බොරළුහේන ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ චීන ජාතිකයා මෝටර් රථයකින් වල්ලපට්ටා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එහිදී ඔහු සතුව තිබී වල්ලපට්ටා කිලෝ 02 ට වැඩි ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇති අතර, සැකකාර චීන ජාතිකයා අද ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: