චීන වරාය ඉංජිනේරු සමාගමේ උප සභාපති ටන්ග් ඩොලියන් මහතා පවසන්නේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.
තවද, මෙම වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව සියලුම වාර්තා ශ්‍රී ලංකා රජයට ලබාදෙන බව ඔහු කියයි.
ඒඅනුව, චීනයේ සංචාරයක නිරතව සිටින අප මාධ්‍ය කණ්ඩායම අද පෙරවරුවේ චීන වරාය ඉංජිනේරු සමාගම් මූලස්ථානයේ දී එහි සභාපතිවරයා මුණ ගැසී සාකච්ඡා කර තිබේ.
එහිදී චීන වරාය ඉංජිනේරු සමාගමේ උප සභාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළ බව සඳහන් වේ.
තවද උප සභාපතිවරයා පවසා ඇත්තේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ ආයතන අනුබද්ධ වී ඇති බැවින් ඒ පිළිබඳව පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගැනීම ඔවුන්ගේ වගකීමක් බවයි.
කුමන රජයක් යටතේ වුව ද තමන් ඉතා සහයෝගයෙන් කටයුතු කරන බව ටන්ග් ඩොලියන් මහතා පවසා තිබේ.
කෙසේ වුවත් කිසිදු අවස්ථාවක කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර කිරීමට කටයුතු නොකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.