වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන් රණතුංග මහතා පවසන්නේ, ගාලු මුවදොර පිටියේ නඩත්තු සහ මෙහෙයුම් කටයුතු වලින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලක්ෂ 33ක පාඩුවක් සිදුව ඇති බවයි.
මේ බව අමාත්‍යවරයා පැවසුවේ පසුගියදා එම අධිකාරියේ පැවැති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමතමිනි.
තවද, එම රැස්වීමට සහභාගී වු නිලධාරින් පැවසුවේ පසුගිය කාලයේදී එකී නඩත්තු කිරීම් සහ මෙහෙයුම් කටයුතුවලදී වු අක්‍රමිකතා හේතුවෙන් පිටස්තර පුද්ගලයින්ට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුදල් විශාල වශයෙන් ගලා ගිය බවයි.
එසේම ගාලු මුවදොර පිටියේ නඩත්තු සහ මෙහෙයුම් කටයුතු මුල් අවස්ථාවේදී සිදු කළේ නාගරික සංවර්ධන අධිකාරියයි.
ඉන් පසුව එම නඩත්තුව සහ මෙහෙයුම් කටයුතු ශ්‍රීලංකා වරාය අධිකාරියේ නිදහස් සේවක සමාගමටත් ඉන් අනතුරුව 2011වර්ෂයේදී ශ්‍රීලංකා වරාය අධිකාරියටත් පවරා තිබේ.
නමුත් එහි ප්‍රධාන ආදායම් මාර්ගය වූ වාහන නවතා තැබීමේ ගාස්තු සහ වෙළඳ සැල්වලින් අය කරන ගාස්තු පසුගිය කාලයේදී නිසි පරිදි එකතු කර නැති, බව සදහන් වේ.
තවද, මෙම රැස්වීමට ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පසුගිය කාලයේදී වාහන නැවතුම් ගාස්තු අය කිරීම බාහිර පුද්ගලයකුට පවරා දී ඇති බවයි.
නමුත්, එහිදී අයුතු අන්දමින් ගාස්තු අය කිරීම් සිදු කළ බවට පැමිණිලි ලැබී ඇතැයිද අද හෙළි වී ඇත.
මේ හේතුවෙන් ගාලු මුවදොර පිටියේ වාහන ගාස්තු අයකිරීම තාවකාලිකව නතර කිරීමටද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පසුගිය අප්‍රේල් මාසයේදී නියෝග කළේය.
වැඩිදුරටත් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී යෝජනා වූයේ ඉදිරියේදී ගාලුමුවදොර පිටියේ නඩත්තුව සහ මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයද සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ ව්‍යපෘතියක් ලෙස දියත් කළ යුතු බවයි.
එහින් වරාය අධිකාරියෙන් කිසිදු මුදලක් වැය නොකර, තම අධිකාරියට පෞද්ලික අංශයෙන් වාර්ෂික මුදලක් ලබා දීමේ පදනම මත එම ඒකාබද්ධ ව්‍යපෘතිය දියත් කළ යුතු බවද මේ අවඅස්තාවේදී නිලධාරීහු යෝජනා කළහ.