වරකාපොළ රිය අනතුරකින් සෙබළු සිව්දෙනෙක් මරුට

වරකාපොළ රිය අනතුරකින් සෙබළු සිව්දෙනෙක් මරුට

වරකාපොළ නගරය ආසන්නයේ ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් ගුවන් හමුදාවේ සෙබළුන් සිව් දෙනකු මිය ගොස් ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රියේ ගමන්ගත් ගුවන් හමුදාවේ තරුණයන් සිව්දෙනෙකි.

ඔවුන් කහටගස්දිගිලිය, බල්ලපාන, කොස්ගම හා වරංකහව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි

අනතුර සම්බන්ධව ලොරි රථයේ රියදුරු වරකාපොල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මිය ගිය සෙබළුන්ගේ මෘත දේහයන් මේ වනවිට වරකාපොළ රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Share this: