වයස 60න් හෙදියන් අනිවාර්ය විශ්‍රාම යැවීම පිළිබඳ අතුරු නියෝගයක්

වයස 60න් හෙදියන් අනිවාර්ය විශ්‍රාම යැවීම පිළිබඳ අතුරු නියෝගයක්

රජයේ හෙද නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වසර 60 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවය.

හෙදියන්ට වයස අවුරුදු 60 දී විශ්‍රාම යාම අනිවාර්ය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මෑතකදී ගෙන ඇති තීරණය නීති විරෝධී බව පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඔවුන්ට වයස අවුරුදු 63 දක්වා රැකියාවේ රැඳී සිටීමට හැකියාව ඇති බවයි.

Share this: