වයඹ පළාතේ විශේෂ ඩෙංගු මර්දන සතියක්

වයඹ පළාතේ විශේෂ ඩෙංගු මර්දන සතියක්

වයඹ පළාතේ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් 22 වැනිදා සිට ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.

ඩෙංගු මර්දන සතිය මැයි 28 වැනිදා දක්වා ක්‍රියාත්මක බව NDCU හි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

තවද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, වෛද්‍ය කණ්ඩායම් ඔවුන්ගේ නිවෙස්වලට, කාර්යාලවලට හෝ පාසල්වලට පැමිණ මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීමේදී සහය වන ලෙස වයඹ පළාතේ වෙසෙන ජනතාවගෙන් වෛද්‍ය වීරසිංහ ඉල්ලා සිටියේය.

“කරුණාකර ඔබේ වටපිටාව පිරිසිදුව තබා ගන්න. ඔබගේ සහයෝගය අපි අගය කරනවා”, ඔහු වැඩිදුරටත් පැවසීය.

Share this: