ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, වන සම්පත ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් තමන් සතු විධායක බලය උපරිමයෙන් පාවිච්චි කරන බවයි.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පරිසර සංගමය විසින් සංවිධාන කර තිබු සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමින්, ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
තවදුරත්, අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙරට වැඩිම වන ඝනත්වයක් ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල බවත් යුධ පිටියක් වු එම ප්‍රදේශවල පරිසරය ආරක්‍ෂා වී තිබුණ ද සෙසු ප්‍රදේශවල පරිසරයට අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමක් බවයි.
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය පරිසර සුන්දරත්වය මෙන්ම පාරම්පරික වටිනාකම් ආරක්‍ෂා කිරීමේ දී මෑත ඉතිහාසයේ දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද දක්වා ඇති සංවේදීතාව ප්‍රශ්න කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
එසේම පසුගිය දශක කිහිපයක දී සිදුවු මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රමවලදී ද, මෑත ඉතිහාසයේ කිසිඳු පරිසර අධ්‍යයනයකින් තොරව සිදුකළ සංවර්ධන වැඩසටහන් හේතුවෙන් ද මෙරට පරිසරය දැඩි ලෙස විනාශ වු බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.