වන විනාශයෙන් රට බේරා ගැනීමට සජිත් පෙරට

වන විනාශයෙන් රට බේරා ගැනීමට සජිත් පෙරට

මෙරට තුළ සිදුවන වන විනාශයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත හරිත ඒකකයක් විපක්ෂ නායක කාර්යාලය කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක හා සමගි ජන බලවේගවේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත පරිසර බළකායක් මේ යටතේ ස්ථාපිත කරන බවද ප්‍රේමදාස මහතා පැවසුවා.

විධිමත් පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක්, විධිමත් යාන්ද්‍රණයක් රට අපේක්ෂා කළ නමුත් අයාලයේ යන අක්‍රමවත් අනාරක්ෂිත පරිසර ක්‍රමවේදයක් රට තුළ දියත්වෙමින් පරිසර පද්ධතියට බරපතළ හානි කරන තත්ත්වයන් පවා උද්ගතව ඇති බවද ප්‍රේමදාස මහතා ඊයේ (17දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා.

Share this: