අවම වශයෙන් පාසල් සිසුවියන් 16 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් කළුතර ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරු බ්‍රහස්පතින්දා (මැයි 11) උදෑසන ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කළුතර කොට්ඨාශ කාර්යාංශයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සිසුවියන් ලිංගික අපයෝජනයට ලක් කරන අයුරු දැක්වෙන වීඩියෝ පට 16ක් විශ්ලේෂණය කර වින්දිත පාසල් සිසුවියන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව ප්‍රාදේශීය කාර්යාංශය මීට පෙර ප්‍රකාශ කළේය.
මේ අතර ඔහු කණ්ඩායම් පන්ති පවත්වමින් තවත් පාසල් සිසුවියන් අපයෝජනයට ලක් කර තිබේද යන්න අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
තම ස්වාමිපුරුෂයා අනියම් සබඳතා පවත්වන බවට උපකාරක පන්ති ගුරුවරයාගේ බිරිඳ කළුතර උතුර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය අනාවරණය වී ඇත. සැමියාගේ ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමෙන් පසු ඔහු පාසල් සිසුවියන් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝ පට රැසක් හමුවී ඇත.