වධ දෙන හඬ පෙම්වතියට දුරකථනයෙන්

වධ දෙන හඬ පෙම්වතියට දුරකථනයෙන්

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසන්නේ, වසීම් තාජුඩීන් ඝාතනය කරද්දී ඔහුට වද දෙන හඬ දුරකථනය ඔස්සේ ඔහුගේ පෙම්වතියට ඇසීමට පවා සලස්වමින් කෲර ඝාතනයක් සිදු කර ඇති බව අපට දැනගන්නට ලැබී ඇති බවයි.

තවද තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කතා කරන විට රාජපක්ෂ රෙජීමය හා හෙන්චයියන් තැති ගැන්වී ඇති බවද ඒ මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙම මරණය අවුරුදු 3ක් තිස්සේ පසුගිය රජය පරීක්ෂණ නොකර වසා දැමූ බවද, මෙය මැතිවරණය ඉලක්ක කර සිදුකරනු ලබන පරීක්ෂණයක් යැයි ඇතැමුන් චෝදනා නගන බව ඒ මහතා ප්‍රකාශ කළහ.

නමුත් මෙය එවැන්නක් නොවන බවත්, ඔහුගේ මව්පියන්ට සාධාරණයක් ඉටුකළ යුතු බවත්, සුජීව සේනසිංහ මහතා කියා සිටියේය.

මෙරට කිසිම තැනක වාහනයක් හැපී එය සම්පූර්ණයෙන් ගිනිගෙන පුද්ගලයකු මැරී නැති බවද පැවසූ සුජීව සේනසිංහ මහතා වාහනය හැපුණු පසු රගර් ක්‍රීඩකයෙකු වන තාජුඩීන් වාහනය ගිනිගෙන දැවෙන තෙක් රියදුරු අසුනට වී සිටීම පුදුමයකැයි පෙන්වාදුන්නේය.

Share this: