වතු කම්කරුවන් දෛනික වැටුප වැඩිකරන ලෙස ඉල්ලමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට තීරණය කර තිබේ.
පසුගිය 06වන දින සිට වතු කම්කරුවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුනේ, දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලමිනි.
දින 09ක් පුරා පැවති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තේ කර්මාන්තශාලා කිහිපයක් වසා දැමීමටද වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබුනි.
මේ හේතුවෙන් තේ වතු සමාගම් වලට මිලියන 158ක පාඩුවක් සිදුවූ බව සඳහන්ය.
කෙසේවෙතත් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් බලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැර අද සිට සාමාන්‍ය පරිදි තේ දළු නෙළීමට වතු කම්කරුවන් තීරණය කර ඇති බව වාර්තාවේ.
මේ අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් තේ දළු පමණට වඩා වැවී ඇති බැවින් දිනක වැටුප සඳහා නෙලිය යුතු ප්‍රමාණය මෙන් දෙගුණයක් තේ දළු නෙළුන වතුකම්කරුවන්ට දිනකට වැටුප් දෙක බැගින් ගෙවීමටද වතු සමාගම් තීරණය කර ඇත.