බොරැල්ල පෞද්ගලික රෝහලේ වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු රටින් පිටවීමට උත්සාහ කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතරමැදියෙකු ලෙස වකුගඩු මිලදී ගැනීමේ වංචාවට සම්බන්ධ මෙම පුද්ගලයාට පසුගිය මස 17 වනදා අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.
කෙසේ වෙතත්, සැකකරු කටුනායක ගුවන් තොටුපළේ සිට ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් 09 වෙනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ දිස්ත්‍රික් 12 ප්‍රදේශයේ ජංගම දුරකථන උපාංග අලෙවිකරුවෙකු වන 32 හැවිරිදි සැකකරු අදාළ රෝහලේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් ජාවාරමට සහය වී ඇති බව පොලිසිය පවසයි.
Share this: