වංචා සොයන්න කොමිසම මහින්ද හමුවෙයි

වංචා සොයන්න කොමිසම මහින්ද හමුවෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ඒ මහතාගේ මිරිහාන නිවසට බරපතළ වංචා ගැන සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීන් ගොස් තිබේ.

අද (23) පෙරවරුවේ මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනපතිට ජනපති කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණු බවත්, පසුව ඔහුගේ නිවසට ගොස් අදාළ ප්‍රකාශය ලබා ගැනීමට තීරණය කර තිබුණු බවත් කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් අදාළ නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ මිරිහාන පිහිටි නිවසට ඇතුළු වුනු අතර, පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයකට රුපියල් මිලියන 200ක අලාභයක් සිදුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් අචාර්ය පී.බී ජයසුන්දර යන අයගෙන් ද ජනාධිපති පරීක්ෂණ කොමිසම පසුගිය 16දා ප්‍රශ්න කර තිබුණු අතර රාජපක්ෂ මහතාගෙන්ද ඊට අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිතව ඇත.

Share this: