ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා යෑමට තීරණාත්මක තරගයේදී නවසීලන්තය ලකුණු 119කින් පරාජයට පත් කළ සත්කාරක එංගලන්ත කණ්ඩායම 2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඊයේ (03 වැනිදා) සුදුසුකම් ලැබීය.

චෙස්ටර්ලේ රිවර්සයිඞ් කී‍්‍රඩාංගණයේදී කාසියේ වාසිය දිනු එංගලන්ත නායකයා පළමුව පිති ප‍්‍රහාරය දියත් කරමින් පන්දුවාර 50 තුළදී කඩුලූ 8ක් දැවී ලකුණු 305ක් රැස් කළේය. එ් අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය නවසීලන්ත ඉනිම පන්දුවාර 45කදී සියලූදෙනා දැවී ලකුණු 186කට සීමා විය.

නවසීලන්තය වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කළ ටොම් ලෙතම් පන්දු 65කදී ලකුණු 57ක් වාර්තා කළේය. ඊට අමතරව රෝස් ටේලර් ලකුණු 28ක් සහ කේන විලියම්සන් ලකුණු 27ක් නවසීලන්ත ඉනිමට එක් කරදිදී නවසීලන්ත පිතිකරුවෝ හය දෙනකුටම ලකුණු 10 සීමාව පසුකර ලකුණු ලබා ගැනීමට නොහැකි විය.

එංගලන්ත ඉනිම වෙනුවෙන් ලකුණු 123ක ශක්තිමත් ආරම්භයක් සනිටුහන් කිරීමට ජේසන් රෝයි සහ ජොනී බෙයස්ටෝ සමත් වූහ. ජේසන් රෝයි පන්දු 61කින් හතරේ පහර 8ක් සමගින් ලකුණු 60ක් ලබා සිටයදී ජේම්ස් නීසම්ගේ පන්දුවකට දැවී ගියේය. එංගලන්ත ඉනිම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ ජොනී බෙයාස්ටෝ පන්දු 99කදී ලකුණු 106ක් වාර්තා කළේය. එක් හයේ පහරක් සහ හතරේ පහර 15ක් ඉනිමට ඇතුළත් විය. ඔයින් මොගන් පන්දු 40කදී ලකුණු 42ක් වාර්තා කළ අතර හතරේ පහර 5ක් එල්ල කිරීමට සමත් විය.

ලකුණු සටහන

එංගලන්තය පන්දුවාර 50දී කඩුලූ 8ක් දැවී ලකුණු 305යි (ජේසන් රෝයි 60, ජොනී බෙයාස්ටෝ 106, ඔයින් මෝගන් 42, නීෂම් 41/2, ටෙ‍්‍රන්ට් බෝලට් 56/2, මැතිව් හෙන්රි 54/2)

නවසීලන්තය පන්දුවාර 45කදී සියලූ දෙනා දැවී ලකුණු 186යි (ටොම් ලෙතම් 57, රෝස් ටේලර් 28, කේන් විලියම්සන් 27, මාර්ක් වුඞ් 34/3)

Share this: