ලෝක කණ්ඩායම් දෙකේම නායකත්වය කෝලිට

ලෝක කණ්ඩායම් දෙකේම නායකත්වය කෝලිට

ඉකුත් වසරේ (2019) වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උළෙලෙට සමගාමීව අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද ලෝක එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් දෙකේම නායකත්වය ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිට හිමිව තිබේ.

නම් කරන ලද එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් දෙකටම එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෝ ඇතුළත් වී නොමැති අතර එක්දින කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනෙක්ද, ටෙස්ට් කණ්ඩායමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පස්දෙනෙක්ද බැගින් ඇතුළත්ව සිටිති.

නායක විරාට් කෝලිට අමතරව කණ්ඩායම් දෙකේම ස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් පමණි.

වසරේ එක්දින කණ්ඩායම
රෝහිත් ශර්මා (ඉන්දියාව), ශායි හෝප් (බටහිර ඉන්දීය කොදෙව්), විරාට් කෝලි (ඉන්දියාව) – නායක, බාබර් අසාම් (පාකිස්තානය), කේන් විලියම්සන් (නවසීලන්තය), ජොස් බට්ලර් (එංගලන්තය), බෙන් ස්ටෝක්ස් (එංගලන්තය), මිචෙල් ස්ටාක් (ඕස්ට්‍රේලියාව), ටේ‍රන්ට් බෝල්ට් (නවසීලන්තය), කුල්දීප් යාදව් (ඉන්දියාව) සහ මොහොමඩ් සාමි (ඉන්දියාව)

වසරේ ටෙස්ට් කණ්ඩායම
මායන්ක් අගර්වාල් (ඉන්දියාව), ටොම් ලේතම් (නවසීලන්තය), මානස් ලැබුෂේන් (ඕස්ට්‍රේලියාව), විරාට් කෝලි (ඉන්දියාව), ස්ටීවන් ස්මිත් (ඕස්ට්‍රේලියාව), බෙන් ස්ටෝක්ස් (එංගලන්තය), බී.ජේ. වොට්ලින් (නවසීලන්තය), පැට් කමින්ස් (ඕස්ට්‍රේලියාව), මිචෙල් ස්ටාක් (ඕස්ට්‍රේලියාව), නිල් වැග්නර් (නවසීලන්ත) සහ නේදන් ලයන් (ඕස්ට්‍රේලියාව)

Share this: