ලෝකෙට වහල් කාන්තාවන් සපයන ලංකාව අපට ලැජ්ජාවක්

ලෝකෙට වහල් කාන්තාවන් සපයන ලංකාව අපට ලැජ්ජාවක්

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පවසන්නේ, ලෝකෙට වහල් කාන්තාවන් සපයන රටක් හැටියට ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රසිද්‍ධ වී ඇති බවයි.

තවද උන්වහන්සේ සඳහන් කළේ, වහල් සේවය පවත්වාගෙන යෑම රටකට ලැජ්ජාවක් බවත්‍, වහල්භාවයෙන් මෙරට නිදහස් විය යුතු බවත්‍ ය.

උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේය, ඊයේ (08) කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

එසේම කාන්තාවන්ට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතු බවත්, පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේ‍ශය, වැනි රටවල් මැද පෙරදිගට කාන්තාවන් වහල් සේවයට නොයවන බවත‍්, උන්වහන්සේ සදහන් කර සිටියේය.

තවද කාන්තා හිංසනය දරු‍‍ණු ලෙස ලංකාවේ පවතින බවද උන්වහන්සේ එම අවස්ථාවේදී වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: