ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම්

ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම්

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නයි හදන්නේ. ඔහු දැනටමත් ඒ කටයුත්තට මුලපුරලා තියෙන බවයි ආරංචිය.

ලොවට අන්තර්ජාලය නොමිලේ දෙන සිතිවිල්ල සකර්බර්ගේ ඔලූවේ තැන්පත් වූණේ ගූග්ල් සමාගමේ අභ්‍යවකාශයේ රුදවූ බැලූන ඔස්සේ කෙරෙන ව්‍යාපෘතිය අත්හදාබැලීම නිසා වෙන්නට පුළුවන්. කොහොම නමුත් ගූග්ල් සමාගම තවමත් බැලීන් රාශියක් එකින් එක පෘථිවිය ආවරණය වන අයුරින් අභ්‍යවකාශයේ රදවමින් සිටියදී නොමිලේ අන්තර්ජාලය ලබාදෙන භාවිත මෘදුකාංගයක් (ඇප්) ඇමෙරිකාවේ කොලොම්බියා වෙත හදුන්වා දී තිබෙනවා. ඔන්න සකර්බර්ග් නිසා කොළොම්බියාවට නම් දැන් අන්තර්ජාලය නොමිලේ තිබෙනවා.

සකර්බර්ග් පවසන ආකාරයට කොළොම්බියාවේ සාර්ථක වූ අත්හදබැලීම ලෝකයට ලබාදෙන්නයි ඔහුගේ අරමුණ වී ඇත්තේ. භාවිත මෘදුකාංගයක් මගින් කෙරෙන දෙයක් නිසා මෙය ඉක්මනින් ලෝකයට දෙන්න පුළුවන් බවත් අපිට පිළිගත හැකි කරුණක්. කොළොම්බියාවට මේ පහසුකම ලබාදී ඇත්තේ එරට ජනප‍්‍රිය ටීගෝ දුරකතන සම්බන්ධතාව සමග අත්වැල් බැදගනිමින්. නමුත් ලෝකයට මෙම පහසුකම දෙන්න නම් ඒ ඒ රටවල දුරකතන සම්බන්ධතා ලබාදෙන සමාගම සමග සකර්බර්ට දීර්ඝ සාකච්ජාවකට මුලපුරන්නට වෙයි කියලයි ඇතැමුන් කියන්නේ. නමුත් මෙවනි දැවැන්ත ව්‍යාපෘතියකට හවුල්කරුවෙක් එන්න කවුද අකමැති. ඒ නිසා ඇප් එකකින් අන්තර්ජාලය නොමිලේ ලෝකයටම ලැබීමේ ඉඩකඩ වැඩියි.

මෙම ඇප් එක ජංගම සන්නිවේදන උපකරණ සදහාම වෙන්වූවක්. මොබයිල් ෆෝන්, ටැබ්ලට්, ටැබ්, ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් ග්ලාස් වැනි දේට මෙම ඇප් එක භාවිතා කළ හැකියි. සකර්බර්ග් මෙම ඇප් එක හදුනා්වා දෙන්න තීරණය කර ඇත්තේ ලොව පුරා සිටින අඩු ආදායම්ලාභී සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල අන්තර්ජාලය අවශ්‍ය සෑමදෙනා වෙනුවෙන්. ෆේස්බුක් සමාජ ජාලය ලොවට හදුන්වා දී සමාජ ජාලයක් තුළ ලොව පුරා මිනිසුන් එක තැනකට ගෙන ආ භාවිත මෘදුකාංගය මෙන්ම මෙයිත් සාර්ථක වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව නම් කිව යුතුයි

මාර්ක් සකර්බර්ග් මේ දිනවල වෙහෙසෙන්නේ යම් රටක් තුළ දුරකථන සේවා ලබාදෙන සමාගම් වලට මෙම පහසුකම අහුරාදැමීමට හෝ යම් යම් සීමා පැනවීමේ හැකියාවන් ඇත් ද ඇත්නම් ඒවා ඉවත් කරන්නේ කෙසේ ද යන්න පිළිබදවයි.සකර්බර්ග් කියන්නේ ග‍්‍රාමීය හා අඩු ආදායම් ජනතාවට කිසිදු සීමාවකින් තොරව මෙම පහසුකම ලබාදෙන බවට ඒ ඒ දුරකථන සමාගම් ඔස්සේ තහවුරු කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.කොහොමනමුත් මේ ඇප් එක ලංකාවටත් එනකල් අපි අපේක්ෂාවෙන් ඉන්නවා.

සටහන සී. එදිරිසින්හ

Share this: