ලොව ලොකුම ප්‍රජාතන්ත්‍රවාදය කොරෝනා නිසා lockdown කරයි

ලොව ලොකුම ප්‍රජාතන්ත්‍රවාදය කොරෝනා නිසා lockdown කරයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම මැඩලීමේ අරමුණින් ඉදිරි සති තුනක කාලය මුළු ඉන්දියාවම වසා තබන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කර සිටිනවා.

ඉන්දීය අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ සතියකට අඩු කාලයක් තුලදී දෙවන වරටත් මීට සුළු මොහොතකට පෙර ජාතිය අමතමින්ය.

එමෙන්ම කොරෝනා වෛරසය සමග සටන් කිරිමට ඉන්දීය මධ්‍යම රජය විසින් රුපියල් කෝටි 15,000 ක් වෙන් කර තිබෙන බවද ප්‍රකාශ කර සිටියා.

ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිසිදු හිඟයකින් තොරව සපයා දීමට අවශ්‍ය වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ඉන්දිය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

Share this: