ලොවපුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි

ලොවපුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි

ලොවපුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 150,000 ඉක්මවා තිබෙනවා.

අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත අනුව මේ වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 154,215ක් වන අතර රෝගීන් සංඛ්‍යාව මිලියන 2.2 ඉක්මවා තිබෙනවා.

අමෙරිකාවෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 36, 822ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 07 ඉක්මවා තිබෙනවා.

ඉතාලියේ මේ වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 22,745ක් වන අතර රෝගීන් සංඛ්‍යාව 172,434ක්.

ස්පාඤ්ඤයේ ද කොරෝනා මරණ විසිදහස ඉක්මවා තිබෙනවා. ප්‍රංශයද මේ වන විට මරණ 18,681ක් වාර්තා වන අතර බ්‍රිතාන්‍යයේ ද පුද්ගල මරණ 14,576 ක් වනවා.

Share this: