ලේකම්වරයාගේ රන් භාණ්ඩ සොරකම්කල සැකකරු අත්අඩංගුවට

ලේකම්වරයාගේ රන් භාණ්ඩ සොරකම්කල සැකකරු අත්අඩංගුවට

රන් භාණ්ඩ සොරාකම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යක්කලමුල්ල සහකාර ප්‍රාදේශිය ලේකම්වරයාගේ නිල නිවසේ සිදුවූ සොරකම සම්බන්දයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තවද පොලිසිය පැවසුවේ සහකාර ප්‍රාදේශිය ලේකම්වරයා විසන් කළ පැමිණිල්ට අනුව සිදු කළ විමර්ශනයකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් සිදු කරන ලද ප්‍රකාශ අනුව සොරාගත් රන් භාණ්ඩ ද පොලිසිය විසින් සොයාගෙන අති අතර, සැකකරු 26 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පැවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද ගාල්ල අතිරේක මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share this: