ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 1,000 කින් අද (අප්‍රේල් 04) මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන සහ ක්‍රියාත්මක වන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
පීරිස් මහතා සඳහන් කළේ ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉතිහාසයේ ඉහළම මිල සංශෝධනය මෙය බවයි.
ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල පහත වැටීම, ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් සැලකිය යුතු ලෙස මිල අඩුවීමට බලපා ඇති බව ඔහු පැවසීය.
Share this: